කණාමැදිරි එළිkanaamaedhiri eli

Kanamadiri Eli

Lyrics

කණාමැදිරි එළි දිළෙන කළුවරේ
මහැර මා දමා තනිව මිදුලේ
භය කරන්නට හිතුව මදි ඔබ
තිගැස්සෙන් නෑ ඕවට මං
එපා වෙන්නේ නම් නැහැ මට නම්

අර ගැටුම් මේ නැටුම් බත ඉදෙනකම් විතරයි
ඹය හැඬුම් ඒ දෙඬුම් රෑ එළි වෙනකොට ඉවරයි
තෝර ගත්තේ ඔබව මං ඉන්නමයි ඒ වගේ
හරිම සරළව කිව්වොතින් නම්
ඔබට මං හරි ආදරෙයි

ඔය නුවන් මේ සවන් අහන දකින ඒවා
හොඳ හිතින් එක හිතින් කරන කියනා දේවල්
විසඳගමු අපි අත් බැඳන් ඉන්නමයි ඒ වගේ
පැහැදිලිව කිව්වොතින් නම්
අපිට අපි හරි ආදරෙයි

කණාමැදිරි එළි දිළෙන කළුවරේ
මහැර මා දමා තනිව මිදුලේ
මා හැඩෙව්වට ඔබේ දඟ වැඩ 
එපා වෙන්නේ නෑ ඕවට මං
එපා වෙන්නේ නම් නැහැ මට නම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.