කනගාටුයි මේ හිත පාලුයිkanagaatuyi mee hitha paaluyi

Kanagatui Me Hitha Palui

Lyrics

කනගාටුයි මේ හිත පාලුයි 
තනුකම සමගින් මම යාලුයි
ඔබ නැති ජිවිතයේ පාට කලුයි......
ඔබගේන් මා පතනා හුස්මයි 
මා ජිවත් කරනා රහසයි 
නැත්නම් මගේ ආයුෂත් කොටයි......

දුක අහනා - හිත නිවනා
මට දිශාව පෙන්වන්නී - වෙනවද මාගේ අවසන් පෙම්වන්තී 
පිරිමදිනා - හද තවනා 
මට ආලය දක්වන්නී - දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී

අරමුණකින් තොර වු මිනිසේක්
වාගේයි මම ඔබ ලබනා තෙක්
අපහසුවෙන් හිත හසුරවමින් බලන් ඉන්නවා
අඩු තරමින් නැත්දෝ දැනුවත්
මා ගැන ඇසුවාදෝ කෙලම්වත්
අත තියමින් හිස මුදුනින් මං දිවුරන්නද මා

හදවත් නහරේ - කැලතේන රතු ලේ
පවසාවී ආදරයේ ගැස්මන්

දුක අහනා......
පිරි මදිනා......

දුරකතනේට හෝ එක පාරක්  අමතාපන් එය සැනසීමක්
වැලි පොලවට දිය බින්දක් සේ
සතුටක් ගේනා

ආදරයට අක්ෂර හතරක්
තිබුනත් එහි හරි තේරුමවත්
වටහන්නට බැරි කෙනේකුට නම්
රැවටෙන්න එපා
හදවත් නහරේ......

කනගාටුයි මේ හිත පාලුයි......
දුක අහනා -  හිත නිවනා......
පිරිමදිනා - හද තවනා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.