කණ කැස්බෑ නෙතkana kaesbae netha

Kana Kasba Netha

Lyrics

කණ කැස්බෑ නෙත බලා හිඳිනවා - අහස දකින්නට විය සිදුරෙන්
පෙරුම් පුරාගෙන අහස බැලූ දා - සඳ නැත අහසේ අමාවකයි

පියන් වසාලා අගුළු දමා තිබූ - දිවි මැදුරේ කවුළුවක් ඇරී
සඳකැන් සිහිලස ගලා හැලෙන තුරු - බලා උනිමි එය තවත් නැතී

තනිකම ඝණදුර නොනිමෙන කෙඳුරුම - යළි රජයන්නට වරම් ලැබී
සුපුරුදු උරුමයෙ සුළඟ වැදී යළි - කවුළුව වැසුණා අඳුර වැටී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.