Lyrics
නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා
පුතුනූ අපේ හැරදා ගියේ යසෝදරා හා බිළිඳු පුතා
කම්පා නොවන් සඳ මහාමායා
කුමාරයා හැරදා ගියා
තුන්ලෝ උතුම් බුදු පදවි පතා
කුමාරයා හැරදා ගියා
මහාමායා... මහාමායා...
කම්පා නොවන්.. මහාමායා...
මහාමායා... මහාමායා...
කම්පා නොවන්.. මහාමායා...
(රුදු සසර ගිනී - බුදු ඇසට පෙනී
ගිනි නිවන මෙනී - වැසි වසිනු වැනී...//)
අඩුවක් වුනාදෝ ජීවිතේ
ඉසුරින් පිරී මේ මාලිගේ
ගැටුමක් ඇතැයි සිතුනා සිතේ
හැරදා ගියේ ඇයි මාලිගේ
සදහම් අමා වැහී හෙලනා රඟේ
නොසැලී බලන් මහාමායා...
සසරින් මිදී පුතූ වඩිනා රඟේ
නොසැලී බලන් මහාමායා..
මහාමායා... මහාමායා...
කම්පා නොවන් මහාමායා...
මහාමායා... මහාමායා...
කම්පා නොවන් මහාමායා...