කම්මැලියාkammaeliyaa

Kammeliya

Music:
තරිඳු නුවන්tharindu nuwan
Lyrics:
කොලින් හර්ෂkolin harsha

Lyrics

කම්මැලි වෙලා කොහොමද ලෝකය ජය ගන්නේ
නැහැ කියා බැහැ කියා හිටියොත් නෑ හරියන්නේ
කම්මැලි වෙලා කොහොමද ජීවිතේ ජය ගන්නේ
නැහැ කියා බැහැ කියා හිටියොත් නෑ හරියන්නේ...

(අනේ ගෙම්බා මාමේ අපි හෙට කරමු 
මට බෑ පාඩම් කරන්න මට නිදිමතයි)

පාඩම් වැඩ කඳු ගානට උසයි
හෙට කරනවා අද නම් බෑ තමයි
පුළුවන් කිව්වොත් පුළුවන් තමයි
බෑ කිව්වොත් අද බෑම තමයි...

කම්මැලි වෙලා.....

කම්මැලි නම් දවසම නිදිමතයි 
දවසම පිට පිට ඈනුම් ගොඩයි
ඉඳගෙන හරි නිදියන්නට හිතයි
චී... ඔයා හරි නරකයිනේ...

කම්මැලි වෙලා.....

වතුරට බහින්න වෙනවා පීනන්න ඉගෙන ගන්න
ඇවිදලා බැහැ කවදාවත් දුවන්න පුරුදු වෙන්න
රටට බරක් නැති දුවෙක් පුතෙක් ලෙස ලෝකය ජය ගන්න
හෙට විඳින්නට නම් අද විඳවන්නට වෙනවා ඒකයි ඇත්ත...

කම්මැලි වෙලා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.