කමනීයkamaniiya

Kamaneeya

Music:
කපිලාන් කුගවෙල්kapilaan kugawel
Lyrics:
හිමාලි ලියනගේhimaali liyanagee

Lyrics

සුසුමක් වැදී
කුසුමක් සැලී
සුවඳක් ලිහී
ඉහිරී ගියේ
(දැනී දැනේ
හැඟුම් ළයේ...//)

කමනීය ආදරණීය හීනයක්ම වූ
මරණීය හාදු දිදී මුවේ විසක් තියූ
රැවටීම ආදරයේ සැබෑ මගයි කියූ
සැනසීම ජීවිතයේ කතා පොතින් මැකූ 

මල්හාර තනුව අසාලා
වැගිරේවි කඳුලැලි වර්ශා
ගංගාව ශෝකයෙන් පිරේ
වේදනාව හංගා
උන්මාදයෙන් වෙලීලා
හේතුවක් නොදන්වා
මේ ප්‍රේමයේ තරංගා
සාගරේ සොයා ගලා හැලේ

කමනීය ආදරණීය හීනයක්ම වූ
මරණීය හාදු දිදී මුවේ විසක් තියූ

නැතුවාම මුදු සද පායා
දැල්වේවි ගිනි සිල සෝබා
ආකාසේ ශෝකයෙන් වැසේ
වේදනාව හංගා
උන්මාදයෙන් වෙලීලා
හේතුවක් නොදන්වා
ඒ රෑ මෙරූ පියාඹා
කාන්තියේ හැපී දැවී දැවේ

කමනීය ආදරණීය හීනයක්ම වූ
මරණීය හාදු දිදී මුවේ විසක් තියූ
රැවටීම ආදරයේ සැබෑ මගයි කියූ
සැනසීම ජීවිතයේ කතා පොතින් මැකූ
කමනීය ආදරණීය හීනයක්ම වූ
මරණීය හාදු දිදී මුවේ විසක් තියූ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.