කල්‍යාණියෙ ඔබ නෑසූkalyaaniye oba naesuu

Kalyaniye Oba Nesu

Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

කල්‍යාණියෙ ඔබ නෑසූ

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් ///
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්

මතු කවර දිනකදී හෝ
මට ඔබව අහිමි වේ යැයි
ගැන භීතිය සැක මාගෙ හිතේ
තිබුණි දිගා කල්
ගිණි වී ඇත අද ඒ දුක ගැන
සෝක සුසුම් වැල්

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්

මගෙ හිතට එකඟවයි මේ
මා කියන දෙය කියන්නේ
ඔබෙ ආදරබර මහිමයටයි
ගී ලියවෙන්නේ
රස උල්පත සිඳ ඇයි හදවත
සසළ කරන්නේ

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් //
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම් //

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.