Lyrics
කළුවරට හිත බය හින්දා
ඔය පපුවෙ උණුහුම වින්දා
ඇස් බැන්දු රෑ හීන පෙන්නා
නුඹ මාව තුරුලටම ගත්තා
නිකැළැල් සිහින යායෙ හසරැල් මෝදු වූයේ
ලැගුම් ගන්න මේ හදවතේ
කඳුළැල් සිඳෙන හීනෙ මාගෙන් නොයෙන දෑසේ
අඳුරකද මං නැවතුනේ
දැනෙනවා නම් ඉන්නවා නම්
සුහද පිළිගන්න මේ ආදරේ
හිතෙනවා නම් පෙනෙනවා නම්
අපට දුර යන්න හැකි ප්‍රේමයේ
නොදැනෙනා දුරක නුඹ ළඟ
ආදරෙන් ආව
නොසිතෙනා ලෙසට ළං වුන
ආදරේ සුව දෙන
නිකැළැල් සිහින යායෙ හසරැල් මෝදු වූයේ....
දැනෙනවා නම් ඉන්නවා නම්....
විසිරෙනා සිහින එක් කොට
මාලිගා තැනුව
අපි නමින් ඇන්ද සිතුවම
මතකයකි හැම දින
දැනෙනවා නම් ඉන්නවා නම්...//