Lyrics
වෙස් තට්ටට උඩින් වරෙන්
අයිලෙ යටින් රිංගා වරෙන්
මේ කප අරගන්ඩ වරෙන්
නාග දරණ ඔඩ්ඩි යස්සනී
මට වින අරගන්ඩ වරෙන්
මල් වියනෙන් බැහැලා වරෙන්
යහන් තලා රූ පරලේ
පහන් නිවමු කීල පන්දමේ
කළුවර... කළු දෙයියෝ
මල්වර... මල් දෙයියෝ
(තල මල කපා මල ගොබ හපා
වල උඩ දපා තුලුඅඟ පපා...//)
(මට ලේ බොන්න දිය මරු වැල අන්දපිය
කරුවල සංගෙදිය දරු ගැබ වසාපිය...//)
තී මට දැපනෙ වරෝ
මයෙ කීල යස්සනී
වී ඇට විලඳ පරමල් කෑ බවලත්තී
රන් පොට ළමැද කිරි පබුලුවෙ දැවටිච්චී
වංගෙඩි පලන හනුමන්තට රැවටිච්චී
මල්වර රැයේ කළුවර වී ඉපදිච්චී
ඇල ලීලාවේ
මුරුගසං වරුසාවේ
කළුකුමාර දරන මංගල්ලේ
මයෙ පපුව බල
ඇවිලෙන ගින්න බල
තුනුවිල වතුර තුල කිමිදෙනා දාර නාගයා
ලෝදිය කල්කේ වමාරා
මල් යහන් ගිනිලෑවෝ
ඒ ගිනිකඳ බෝවී
ලෝ තුල ලඳුන් බිලි වී
ගිනිකඳු නිවී හලු වී හත්තිලව්වේ
උනු අලු පල්ලෙන් නැගී ආවෝ
කළුවර... කළු දෙයියෝ
මල්වර... මල් දෙයියෝ