කළුගං කොමළිkalugan komali

Kalugang Komalee

Music:
කිත්සිරි ප්‍රනාන්දුkithsiri pranaandhu

Lyrics

කළු ගඟ පීරා ගලනා මේ දිය දහරෙන්
කළුතර පුරවරදී වෙහෙසමින් 
මහ මුහුදට වැටෙනා කටුකුරුඳු ගම් දොරින්
ඔබ කළු ගං කොමළි කළු ගං කොමළි....//

ඉවුරේ රළ තරණය දී නගනා නන නානා
උණදිය හරවා වැසි දිය කරලයි කෙත්වතු සාරා
රෑ යම සඳ කිරණින් ඔබේ දිය වත පිබිදී
රඟ දෙන හැඩ කළු ගං කොමළි.....

කළු ගඟ පීරා.....

ඉවුරේ බෝ සමිඳු නැගී කරලයි දන මන සාරා
හමනා නල මුදු සිසිලෙන් නිවලයි නිවනක් නෑරා
විහඟුන් ගී ගයමින් ගඟ දෙපසින් මිහිරී
රඟ දෙන හැඩ කළු ගං කොමළි.....

කළු ගඟ පීරා.....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.