කළු මොණරාkalu monaraa

Kalu Monara

Music:
ලහිරු මැදිවීලlahiru maedhiwiila
Lyrics:
අකිල සපුමල්akila sapumal

Lyrics

ප්‍රේමය නම් මුලා.....
රෝස මල්ක් සුදු නැර‍ෙන නාර‍ෙන නා
සඳ එළිය වගේ සුන්දරයි සුරම්‍යයි පාරිශුද්ධයි.....
(ඔයයි මමයි ගැලපෙනවා මමයි ඔයයි ගැලපෙනවා...//)
ප්‍රේමය නම්.....

ටකරන් වහළ යට තනි වෙනා දවස අද
නන නා නා නනා නා
ටකරන් වහළ යට තනි වෙනා දවස අද
ටික්කා ටික්කා ළං වෙනවා බස් යනවා එනවා
හිත කලබල වෙනවාඑයා එන වෙලාව ළං වෙනවා.....

කළු මොණරෝ මොණරෝ මොණරෝ මොණරෝ.....
නිල් මොණරෝ මොණරෝ මොණරෝ මොණරෝ.....

මොණර කොලේ මොණරාව අල්ලගෙන
පෝරුව හදනවා උගේ පිල් විදහාලා
ටකරන් නිල් වහල සරසනවා දිලිහෙන මොණරුන්ගෙන්.....
ප්‍රේමය නම්.....

ලයිට් නැති පාර දිගේ සඳ ඇවිදින දවස අද
ර රා රා රාරා රා.....
ලයිට් නැති පාර දිගේ සඳ ඇවිදින දවස අද
ටික්කා ටික්කා ළං වෙනවා සයිකලේ පැදගෙන යනවා
හිත කිති කැවී යනවා එයා එන වෙලාව ළං වෙනවා.....

(කළු මොණරෝ මොණරෝ මොණරෝ මොණරෝ.....
නිල් මොණරෝ මොණරෝ මොණරෝ මොණරෝ.....//)
 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.