කල්පයක් පුරා ඉඳගෙනkalpayak puraa indagena

Kalpayak Pura Idagena

Lyrics

කල්පයක් පුරා ඉඳගෙන සොරාගෙන මගේ හදවත //
සොඳුර නුඹ මටම මාවත් පුදුයක් කලා
සිතට සිතෙන සිතුවිලි වල නෙතට උනන කඳුලැලි වල
උරුම හැම සුසුම් පොදක්ම මට නුඹට වෙලා

දහසකුත් රුවන් නෙතු ලඟ කලබලයෙන් වගේ දුවගෙන
ඇවිදගෙන යන්නේ මම අද නුඹේ නෙතු සොයා
නෙතට ගැටෙන හැම රුවක්ම බලනමුත් බැලුම් රාගිකා
සොඳුර මම කැමති බලන්න නුඹෙ නෙතු දිහා

පීනන්න සතුට කඳුලක දෝවන්න නුඹේ සෙනෙහස
ලෝකයක් මැවු දෙවිඳුන් නුඹව හිමි කලා
වෙන්වෙන්න නොහැකි විලසට ලංවෙන්න තවත් නුඹ වෙත
කුළුඳුලේ මගේ දෛවය මම නුඹෙම කලා

කල්පයක් පුරා ඉඳගෙන ....

සිතට සිතෙන සිතුවිලි වල නෙතට උනන කඳුලැලි වල
උරුම හැම සුසුම් පොදක්ම මට නුඹම වෙලා
උරුම හැම සුසුම් පොදක්ම මට නුඹම වෙලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.