කල්පනාවෝ පාව යයිkalpanaawoo paawa yayi

Kalpanawo Pawa Yai

Music:
නිමල් මෙන්ඩිස්nimal mendis
Lyrics:
ගාමිණී විජේතුංගgaaminii wijeethunga

Lyrics

කල්පනාවෝ පාව යයි මේ නිශාන්තයේ
නිල් වලාවේ යාවී ඈ සොයා
සඳක් සේ නිමි වළල්ලේ නොසැංගී
නැළවෙමු ගයා ගීතිකා.....

ලියන්නේ කෙසේ දෝ වදන් නෑ
කියම්දෝ මත් වී මගේ රොන් උරා බී
බිඟුන් සේ මත් වී මගේ රෝන් උරා බී
සැනහෙමු නිවා වේදනා.....

ගෙන එන්නම් ආදරේ පැතු ජීවිතේ
මධු මීවිතේ උතුරා යනා
නේක මල් සුවඳන් පිරේ දිවි මාවතේ
තනි වේ නම් සාගරේ රැළි සේ
සිතුම් මැද ආදරේ මේ මියුරු ගී
රාව නැංවේවා සදා කාලේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.