කල්පනා ලොව මල් වනේkalpanaa lowa mal wanee

Kalpana Lowa Mal Wane

Music:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ....ආදරේ....

නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ....ආදරේ....

මා වටා සහසක් යුගත් පා‍
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමින් දැවටී එතීලා

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ....ආදරේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.