කලේ උකුලෙ තියාලාkalee ukule thiyaalaa

Kale Ukule Thiyala

Music:
ප්‍රිය පීරීස්priya piiriis
Lyrics:
ප්‍රිය පීරීස්priya piiriis

Lyrics

කලේ උකුලෙ තියාලා -බුලත් විටක් හපාලා
දසන් දෙපළ පෙන්නලා - ටිකිරි සිනාව පාලා
මම ඉන්නව දැකලා - අනිත් පැත්ත බලාලා
යනවනෙ මහනුවර මැණිකෙලා

හිමිදිරියෙන් පිබිදෙන්නේ - ගම්මානේ ඔපවන්නේ
කලෙත් අරන් බැස යන්නේ - දිය පුරවාගෙන එන්නේ

අහක බලන් ඇයි ළඳුනේ - මුකුළු ලෙසින් හිනැහෙන්නේ
අප සමඟින් එන්න අනේ - වැව් රවුමෙයි අපි යන්නේ

දර කඩලා වන රොද්දෙන් - එනවිට කළුවර වැටුණේ
පහන දවා වැඳල බුදුන් - මැණිකෙල දැන් සුව නින්දේ
මැණිකෙල දැන් සුව නින්දේ


Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.