කැළේ පිපුණු මලක් විලසkaelee pipunu malak wilasa

Kale Pipunu Malak Wilasa

Lyrics

කැළේ පිපුණු මලක් විලස
ඇගෙ රූ සිරි දිලෙනා
ඇලේ දොලේ පෙන පිඬු ඇගෙ
සිනා වතින් සැලෙනා

කැලේ එපිට ඈත රටක
ගව් සිය ගව් දුරිනා
සිදාදියෙන් එ මල සොයා
කවුදෝ එනු ඇසෙනා

සිදාදියේ මන්දිරයක
සඟවාලන ලෙසිනා
දෑස වසා ඇය ගෙන යන
රහස් කතා ඇසෙනා

කැළේ පිපුණු මලක් විලස..

සිදාදියේ මන්දිරයක
බැල මෙහෙවර කරනා
අනාගතය සිහිවී ඇගෙ
නෙත කඳුලැලි සැලෙනා

හදේ නැගෙන ගිණි දැල්ලක්
ඇගෙ රන් බඳ වෙලෙනා
කැළේ පිපුණු සොඳුරු මලට
නැතිදෝ රැකවරණා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.