Lyrics
කාලයක් තියේවී
මා මතක් වෙන
එපා කියා ගිය ඔබට
ආයෙමත් නොඒවී ඒ අතීතය
අපේ ලොවේ අපි ගෙවුව
සැමදා ඔබ මගේ කියා හිතුව
හිතට රිද්දනා නිතර
දඬුවමක් වුණා ආදරේ
(සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ
සැනසිල්ලක් නෑ මේ ලෝකේ තිබුණේ මට ඔයා වගේ...//)
දවසත් ගෙවුණේ පාළුවේ
ඇස නොගැටී ඔය රූපේ
කිසිමදාක ඔබ ගාවින් හිත නෑ දුර ගියේ
දහසක් දේ කිවු හාදුවේ
තව සුවඳයි ඒ මතකේ
ළඟින් ඉන්න මා පැතුවත් හැමදා ජීවිතේ
නොසිතුදාක නැවතීමක් තැබුණා ආදරේ
සිතුවිල්ලක් ගානේ....//
පවසන්නට බොහො දේ හිතේ
තිබුණත් ඔබ නෑසූවේ
මුණගැහීම වැරදීමක් කියලා ඒ අපේ
අවසන් දා තෙක් හුස්ම මේ
ඉමු කීවත් එක වාගේ
සෑමදේම රැවටීමක් වීලා ඒ ඔබේ
නොසිතුදාක නැවතීමක් තැබුණා ආදරේ
සිතුවිල්ලක් ගානේ...//