Lyrics
කැමැත්තෙන් ලං වූ අපි දෙන්නා
දුකෙත් සතුටේත් එකටම හිටියා
ඇස්වහක් හෝ වැදුනේ හිතුණා
හුඟක් වරදක් ලෙස ඔබ දුටුවා
මතක් වේ වෙන් වූ හැටි දෙන්නා
හිතන්නත් බෑ කොහොමද කියලා
වෙන්න පුළුවන් හැමදේම වුණා
ආදරේ බොරුවක් ඔප්පු කරා
(කාලය ගන්න හරවා පෙන්වන්නම් වැරදි මා
කවුරුත් නෑ හරි වෙලා සීයට සීයක් සදා...//)
කරපු ප්‍රේමේ තරම මාගේ දැන හිටියා නම්
ඔයා රහසේ යන්නේ නෑ මේ වාගේ
මාගේ පුංචි වරදක් නිසා
ලෙන්ගතුයි ඒ ගෙවුණු කාලේ
මතක සිහිවේ නින්ද යාමේ
ඔබට කාටත් වැඩිය කෙරූ ඒ පෙමට පිටුපෑවා
කරුණාව දී වැරදි පහදලා
ඔබ දුන් නැත්තේ ඇයි සමාවක් එදා
(කාලය ගන්න හරවා පෙන්වන්නම් වැරදි මා
කවුරුත් නෑ හරි වෙලා සීයට සීයක් සදා...//)
මගේ අතින් වූ වැරදි අස්සේ ඔබත් කෙරුවා වැරදි රහසේ
මුකුත් නොකියා හිටියේ නිහඬින් ආදරේ හින්දා
කියන්න පාරක් නේද හෙව්වේ ඉඳලා ඇති වූ මාගේ ලෝකේ
අදත් ඔබමයි හෙටත් ඔබමයි මට වටින්නේ
කරුණාව දී වැරදි පහදලා
ඔබ දුන් නැත්තේ ඇයි සමාවක් එදා
(කාලය ගන්න හරවා පෙන්වන්නම් වැරදි මා
කවුරුත් නෑ හරි වෙලා සීයට සීයක් සදා...////)