කලක් තිස්සේkalak thissee

Kalak Thisse

Lyrics

(කලක් තිස්සේ හිතක් පත්ලේ
මලක් පිපිලා ගිලීහී වැටුණේ
තුෂාරා පත් වලින් වියැකී
කියා පෑවේ වියෝගයකී...//)

කලක් තිස්සේ හිතක් පතුලේ
පිපී රන්වන් මලක් ගිලුනේ

නෙතින් නෙත මේ ගැටී ගොළුවේ
පැතුම් සංවේගයෙන් මුසුවේ
(දිවා රැය මේ ගෙවී යන්නේ...//)
නිදා නොනිදා පහන් වන්නේ

කලක් තිස්සේ....

ලොවේ ඉපදී මෙසේ තනි වී
දුකින් බර වී පරාජිත වී
(හිතේ සංකා නිවා මාගේ...//)
ප්‍රියා මොකදෝ ගියේ වෙන් වී

කලක් තිස්සේ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.