කාලගෝට්ටිkaalagootti

Kalagotti

Music:
යුකී නවරත්නyukii nawarathna
Lyrics:
අනුෂ්ක උදානanushka udhaana

Lyrics

ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ 
දාගෙන නටපන් අංගුලි මාලේ 
ගස් ගල් ගානේ කර කර ආලේ 
උකසට තියපන් කොටහලු මාලේ 
රෑ මැද සාලේ එල්ලෙයි වහලේ 
කඩාන වැටුනයි කරපු පරාලේ 
එක්කර අතැඟිලි අරගෙන සැණකෙළි 
මගුලට කෙළ උනේ උන දැන් මලකෙලි 
ගහගෙන ලී කෙලි වටේම ගිනි කෙලි 
රත කෙළියට ලොල් වූ තොපි සක්කිලි 
කන් කන් ඕරු පැදපන් පාරු 
ලැජ්ජයි නේද ගැහුවොත් බූරු 
ඕන්ඩු රෙන්ඩු මූන්ඩු නාන්ඩු 
ගැනලා හදපන් කොටුවක් ඌරු

වෙවෙනස් වුනෑ මං වෙවෙනස් වුනෑ මං        
දැක්කට කාල ගෝට්ටි අස්සට යන්නෑ මං 
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙ මං 
කාලගෝට්ටි දැන් කාලගෝට්ටි දැන් 
කාලගෝට්ටි වෙනස් වුනෑ මං
වෙනස් වුනෑ මං මං 
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මං 
වැස්සට තෙමුනට පිස්සෙක් නෙමේ මං මං 
ක කා කාලගෝට්ටි දැන් 
කාලගෝට්ටි දැන් 

ආන අ රූන අ රූන් කටුස්සා 
අලගෙඩි පලගෙඩි කලේට විද්දා 
වට පිට බැලුවා තණකොළ කෑවා 
තන පට පෙන්නා trending අවා 
චැස් පිට වක් වක් ලැව් ගිනි ලාවා
කැ කැ කැත්තක් අරගෙන වත්තට 
යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා 
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත 
පෙට්ට ගමක් විකුණන් කනවා 

ආටක නාටක වේපට සුන්ගන් 
කෝඩි අලප්පන් බන් බන් බන් බුරියන් 
ඔක්කොම නරියන් 
සාරිය අස්සෙන් බැලුවයි බුරියන් 

වෙවෙනස් වුනෑ මං වෙවෙනස් වුනෑ මං....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.