කලබල ඔබ පෙරදාkalabala oba peradhaa

Kalabala Oba Perada

Lyrics

කලබල ඔබ පෙරදා
අද හරිම නිසංසලයි
නිසසල සිත වෙනදා
මගෙ සිත හරි කලබලයි
අද කෝ ඒ නංගා

අමුතු වෙලා අද අමුතු කතාබහ
ඇයි හසරැලි හංගා
දරට ගියා අපි ඉරට මුවාවෙන්
අද කෝ ඒ නංගා
අද කෝ ඒ නංගා

පින්න මලක් ලෙස පිනට පිපී එන
ඇය මල් විය හැරදා
දුරස් වුනා ඔබ ළමා වියෙන් අද
මා එහි තනි කර දා
අද කෝ ඒ නංගා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.