කලා වැවේ දිය ගැඹරේkalaa waewee dhiya gaembaree

Kala Wawe Diya Gambare

Lyrics

කලා වැවේ දිය ගැඹරේ - සැලෙන සලා රැඟුම් බලයි
අව්කන බුදු පිළිම වහන්සේ
නිසල නෙතින් බැලුම්හෙළා - නිහඬ මුවින් බණක් කියයි
අව්කන බුදු පිළම වහන්සේ

ප්‍රඥාවේ යුග නගුලෙන් ලොවේ කෙතෙත් සී සෑවා
ශ්‍රද්ධාවේ බිජු වටයෙන් විමුක්තියේ ඵල නෙළුවා

කසී බමුණා මේ ගොවිතැන බුදුන් අතින් ඉටු කෙරුණා
එදා දෙසූ අමා දහම නිහඬ මුවින් පැවසෙනවා

දිවා එළියෙ දියඹ වෙතින් - නැගෙන කිරණ විහිද වඳී
අව්කන බුදු පිළිම වහන්සේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.