කලාවැවට වැහි වැහැලාkalaawaewata waehi waehaelaa

Kala Wawata Wahi Wahala

Lyrics

කලාවැවට වැහි වැහැලා ඉපණැලි බිම ‍තෙ‍මෙන්න
සරා සඳට දුක හිතිලා සඳ දියකැන් ‍හෙලන්න
මනා රුවට පීනා එන මින් රළ ඔබ බලන්න
එන්න යන්න වැව් පිටියට රෑ මැදියම පි‍පෙන්න

සිහිල් සුළං පිණිකැට මත නු‍ඹේ නළල සිඹින්න 
රැළි නැං‍වෙන නද අතරින් සඳ දිය බුං දකින්න
‍පෙති අහුලමු රළපනව මත දුක් ලියනා මලකින්
අද පමණක් ඇවිත් යන්න ‍හෙට නෑවිත් මග හරින්න

රටා ‍ගෙනත් උඩු විය‍නේ තරුකැට තනි වී ලතැ‍වෙන
නිශාමයක නිහඬය ‍ලොව අවදිය සරසවි යටිහිත
කලාවැ‍වේ දිය යහනේ නිදියන මල් ඇහැරවන්න 
අද පමණක් ඇවිත් යන්න ‍හෙට නෑවිත් මග හරින්න

කලාවැවට වැහි වැහැලා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.