කජු වාරේ එරබදු යායේkaju waaree erabadhu yaayee

Kaju Ware Erabadu Yaye

Music:
ලයනල් රන්වලlayanal ranwala

Lyrics

කජු වාරේ කජු වාරේ එරබදු යායේ
කොහෝ කොහෝ නාදේ
ගමට කියන්නේ
අවුරුදු ඇවිදිල්ලා
අවුරුදු ඇවිදිල්ලා...

පුංචි කොල්ලො රංචු ගැසෙයි
පංච බෙල්ලො ඔට්ටු දමයි//
හත්මාළුව පරදවන්න
කොණ්ඩ කැවුම් කොණ්ඩෙ බඳී//

කොක්කු දෙදහසක් ඇවිදින්
පුත්තලමේ දොන්
තවත් දෙදහසක් ඇවිදින්
අතරමගදි දොන්

සඳුන් කැලේ අපි යනකොට
රිලව් පනිනවා
එක රිලවෙක් බඩබැදගෙන
පිනුම් ගහනව

මේ ඉසව්වේ...රබන් වැයෙන්නා
මේ පද ඇසී...ගමක් නටන්නා

කජු වාරේ...

බුබුල් බුලත් මම ගත්තා
තුට්ටු දෙකට මං වික්කා
තුට්ටු දෙකට ගත්තු බුලත්
සල්ලි හතට මං වික්කා

වත්ත කතත් කතත්තා
ඉඩම කතත් කතත්තා
වත්ත කතත් ඉඩම කතත්
දෙකම කතත් කතත්තා

මේ නොනගතේ ඉරත් නැවතිලා
මේ සැණකෙලී බලා ඉන්නවා...

කජු වාරේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.