කෛලාශිනීkailaashinii

Kailashini

Music:
යසස් මැදගෙදරyasas maedhagedhara
Lyrics:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

Lyrics

චේතනා මෝදුවන ලොචනා
ස්වප්න මත මානාරි රූ මෝරනා
යා වෙනා ප්‍රේමයට කාරණා
රාග මන රහසේම පාවි ගියා
සේයාවෝ ඈ රූ රටා
සිත් අහසේ අශා මවා
දෙව්ළියේ මන බන්දනා
පෙම් කවයි රස කැන්දනා
ඉසියෝග මාන නන්දනා
සඳ දියේ ඉඟි වස්සනා
දෙව්ලොවින් ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා...

නෙත් සලා. ආදරය වස්සනා
චන්ද වත සේයාවි මේ රෑ පුරා
ගිම් නිවා මීන නෙතු ගස්සනා
සේද වත සිහිවීලා ආශා මවා
සේයාවෝ ඈ රූ රටා
සිත් අහසේ අශා මවා
දෙව්ළියේ මන බන්දනා
පෙම් කවයි රස කැන්දනා
ඉසියෝග මාන නන්දනා
සඳ දියේ ඉඟි වස්සනා
දෙව්ලොවින් ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා...

රාශි හැගුම් වෑහෙනා
නාරි නුවන් නාඩනා
සරාගී ඈ සිනා
සද යායේ යාවී පේනා
සේයාවෝ ඈ රූ රටා
සිත් අහසේ අශා මවා
දෙව්ළියේ මන බන්දනා
පෙම් කවයි රස කැන්දනා
ඉසියෝග මාන නන්දනා
සඳ දියේ ඉන්ගි වස්සනා
දෙව්ලොවින් ඇය ඉල්ලලා
කෛලාශ ගිරි වන්දනා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.