කඳුළු පිරිලා දෙනෙත තෙමිලාkandulu pirilaa dhenetha themilaa

Kadulu Pirila Denetha Themila

Lyrics

කඳුළු පිරිලා දෙනෙත තෙමිලා
සිනිදු හිත පෑරිලා..
ඔබම සොයලා රැයම ගෙවිලා
සිහින අවතැන් වෙලා..
හමුවන්න බෑ - ඔයා සැගවී මෙදා..
තනිවන්න බෑ මගේ - හුස්මත් ඔයා...

රතුපාට වෙරලේ පා පොඩි තියා
පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා..
හැබැහින්ද කිව්වේ ඔබ මගේ තමා
තාමත් අතීතේ මා නැවතිලා...

කඳුළු පිරිලා...

යලි නොයෙන සෙනෙහේ මඟ හමුවෙලා..
මට ගැයුව ගීතේ ඔහු හා ගයා..
හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා..
තාමත් අතීතේ මා නැවතිලා...

කඳුළු පිරිලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.