කදුලු මළුවට මම එන්නම්kadhulu maluwata mama ennam

Kadulu Maluwata Mama Ennam

Lyrics

කදුලු මළුවට මම එන්නම් 
කදුලු නොපෑගෙන සෙ 
වෙන්ව යන ඔබෙ කදුලු බිදුවක් 
මට වටියි මුතු සේ ........

සිත්මල් යායට සඳපානයි ඔබ 
එලියයි මුළු රෑම 
පොඩි තරුවක් වත් වෙලා ඉන්න මට 
පෙර පින් නැතුවාද 

කදුලු මළුවට .......

හිත ලග දගකළ ළිහිණි පැටික්කිය 
පිටගම් යන මොහොත 
බලන්න පව්කළ මගේම නෙත් දෙක 
අඳ නොවුනේ ඇයිද ........

කදුලු මළුවට මම එන්නම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.