කදුලු දෝතින් අරන්kadhulu dhoothin aran

Kadulu Dothin Aran

Lyrics

කදුලු දෝතින් අරන්
බිදුනු සිහිනය ලෙසින් 
ඇයිද හැරදා ගියේ මා ප් ‍රියේ
රැදුණු ප් ‍රේමය ඔබෙන්
මතක නටඹුන් ලෙසින් 
කදුලු සුසුමකට තවරා ගියේ....//

පුංචි කාලේ පටන්-එකට අත් වැල් බැදන්
අපි ඇවිද ගිය ඔිවිටේ
පුංචි කුරුලු දුකින්-දුකට දුක් ගී ගයන්
ඈත අහසටද ඉගිලි ගියේ 
ඈත අහසටද ඉගිලි ගියේ 

කදුලු දෝතින් අරන්.......

මගදි හමුවී ඉතින්-නුදුටු ගානට නෙතින් 
ඇයිද පිටුපා ඔබ හැරි
සසර මගදි යලි-ඔබව නොපතමි කොහේ
දුකද මට දුන්නේ මට ඒ ඇති
දුකද මට දුන්නේ මට ඒ ඇති

කදුලු දෝතින් අරන්......//

කදුලු සුසුමකට තවරා ගියේ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.