කදුළු බිදුවක් නෙතු අගින් වැටුණාkadhulu bidhuwak nethu agin waetunaa

Kadulu Biduwak

Lyrics

කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ
හිතට හුරු නැති තනිකමක් දැනුණා
තනිකමක් දැනුණා

සිහින ගිළිහී දෙපාමුල වැටුණා
ඔයා නොකියම දුර ගිහින් තිබුණා
බිදී මිය ගිය පැතුම් අභියස
දරන්නට බැරි තරම් දුක හිතුණා
තරම් දුක හිතුණා....

කදුළු බිදුවක්.......

සුවද අහිමියි කියා හිත ඇඩුවා
ආයෙමත්  ඔබ එතැයි කියා මට සිතුණා
බිදී මිය ගිය පැතුම් අභියස
ආදරේ නැති අඩුව මට දැනුණා
අඩුව මට දැනුණා....

කදුළු බිදුවක්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.