කඳුලින්ම ගැයූ පෙම් ගීතේkandulinma gaeyuu pem giithee

Kadulinma Geyu Pem Githe

Lyrics

කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
ඇසුවා ඔයා සිනාසී සිනාසී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ...

රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා
ඔබ හිනැහුණි මා හැඬු වේලේ

ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා
ආදර ලෝකේ ඔබ මට පෙන්නා
දවසක රහසේ ඔබ කොයි ගියාදෝ...

දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ...

ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා
මට මගෙ ලෝකේ අඳුරුයි දැණුනා
සීත සමීරේ ගිණියම් වූවා
ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ...

දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
මේ දුක ඔබටත් නොදැණේදෝ...රුසිත්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.