Lyrics
කදුලැල් උහුලන් හිත ගැල්වූ වේදනා
විදිමී රහසින් පෙර මතකයෙ එල්ලිලා
ඔබ මෙන් තවකෙකු හා යන්නට හිත නැති නිසා
විදිමී තනිවී ආදරේ වේදනා
කෙටි කලකදී මේ හිතට වී පෙම් හැගුම් අවුලුවා
රහසේ සැගවී ඈතටම වී නෙත හොයයි කෝ කියා
නොසිතු මොහොතේ ගියත් මා හඩවලා
නැවත එනකම් බලා ඉන්නම් සදා....
හඩා වැලපී දවස ගෙවමී පැතූ හීනෙට වෙලා
හුස්ම වැටෙනා තුරා හිදිමී තවත් හිතකට් නොයා
නොසිතු මොහොතේ ගියත් මා හඩවලා
නැවත එනකම් බලා ඉන්නම් සදා...
කදුලැල් උහුලන් හිත ගැල්වූ වේදනා..//