කඳුළක් පාසා (මගේ දෑසින්)kandulak paasaa (magee dhaesin)

Kadulak Pasa (Mage Dasin)

Music:
නුවන් නිශේන්nuwan nisheen
Lyrics:
ගයාන් සී බෙන්තරගේgayaan sii bentharagee

Lyrics

(මගේ දෑසින් වැටෙනා කඳුළක් පාසා 
සිහිවෙන්නේ ඔයාමයි රිදුණාත් සැමදා......//)
(මා ගාවින් ඉඳලා සෙනෙහේ මත් කරලා....//)
ගියේ ඇයිද මා ළඟ කඳුළක් තියා
මගේ දෑසින් වැටෙනා කඳුළක් පාසා 
සිහිවෙන්නේ ඔයාමයි රිදුණාත් සැමදා......

(ඔබ හමුවුණේ සිහිනෙන් වගේ
පැතුමන් මගේ ඇයි බොඳ කළේ.......//)
(සතුටක් තියේ නම් මා හදෙහි නැති නම්......//)
සිත නුඹෙහි අරගන්න මතකය තියා
මගේ දෑසින් වැටෙනා කඳුළක් පාසා 
සිහිවෙන්නේ ඔයාමයි රිදුණාත් සැමදා......

(ඔබ දැන් කොහේ මා හැර ගියේ
කඳුලක් ඔහේ ඇයි මට ළංවුණේ.......//)
(හැරදා ගියාදෝ මා තනිවුණාදෝ.......//)
සිත නෑනේ පිළිගන්නේ ඔබ නෑ කියා.......

මගේ දෑසින් වැටෙනා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.