කදුළක් දෙවන්නද මට පෙම් කලේkadhulak dhewannadha mata pem kalee

Kadulak Dewannada Mata Pem Kale

Lyrics

කදුළක් දෙවන්නද මට පෙම් කලේ
සුසුමක් තනන්දන සමුගෙන ගියේ
දෝතින් දරා සුරකින්නෙමි
ආදරේ කදුළු දහරා

සුන්දරයි නේදෝ අප ඒ බැදි දම්
සුන්වී ගියාදෝ නොසිතූ විලාසෙන්
පැටලේ අවුල් වී මනසේ සිතුම් රැලි

කදුළක් දෙවන්නද ....

පිවිතුරුයි නේදෝ අපගෙ සිතුම් මල්
ගිලිහී ගියාදෝ ගම්හාන කාලේ
ආයාචනාවන් කාට පවසම්දෝ

කදුළක් දෙවන්නද ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.