කඩා හැලෙන තරුවක්kadaa haelena tharuwak

Kada Halena Tharuwak

Music:
සඳරුවන් ජයසිංහsandaruwan jayasinha
Lyrics:
කසුන් ප්‍රිමාල්kasun primaal

Lyrics

කඩා හැලෙන තරුවක් ගානේ පැතුම් මල් තියා
අරන් හෙළු හුස්මක් වාගේ ඔබ ඇවිත් ගියා
මාගේ දෑතේ බැඳිලා පෙම් කළත් එදා
සීමා මායිම් පීරා පෑරුවේ ඔයා......

පාළුව තුරුල් කරන් තනියම උන් මගෙන් 
උදුරාම හිත ගත්තේ ඔය ඇස් තමා
පුරුදු මායම් ඔයාගේ මටම විතරද දුන්නේ
ආයේ මං තනිවෙලා හඬනවා
මාගේ දෑතේ බැඳිලා පෙම් කළත් එදා
සීමා මායිම් පීරා පෑරුවේ ඔයා......

බඹරුන් හුඟක් අතින් පැණි බිඳුණු ඒ මලින්
කුළුඳුල්ම පෙම හෙව්වේ හිත රවටලා
තාම අදහන්න බෑනේ උරුම තනිකමද ආයේ
හීන බිඳ දා දමා ඔබ ගියා......

කඩා හැලෙන තරුවක්........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.