කාමාශීkaamaashii

Kaamashi

Music:
පසන් ලියනගේpasan liyanagee
Lyrics:
මිනිදු වෙල්ගමminidhu welgama

Lyrics

අහස් නිම්නෙක සැතපි සැතපී සුවඳ මා විදිනා 
මලක් හා මා පැටලි පැටලී නෙතු කඳුලැලි මැකුනා 
(කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා)..// 

සිතක් හිමි නැති හෙටත් යලි එන ලියක් සමග වෙලෙනා 
සිනිදු මල් පෙති යලිත් සිඹින සිහිනෙක තනිකරලා 
ඔබ දුටු විට ගිනි ගන්නා මා සිත ලන් වූ විට යලි නිවෙනා
මතු දාක යලිත් දැහැනට එනු මැන
මා මත් කල සුවද සොයා

(කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා)..//

මටත් හිමි නැති මගේ සිතෙහි ඔබේ රූ ඇඳෙනා 
අදත් මා සිත වරදේ පටලා නුඹ මගෙන් මිදුනා 
සඳ සේම දිනෙක ඔබ වෙනතක යනවිට රහසින් පහස සොයා
මට යන්න දෙන්න මගෙ ලෝකය වෙත මගේම සිහිනෙන් මිදිලා

(කාමාශී ඔබේ දේහ විලාසෙට දෙවඟනන් සැලුනා)..////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.