කෑ ගසා පවසාවිkae gasaa pawasaawi

Ka Gasa Pawasawi

Lyrics

කෑ ගසා පවසාවි හිරුට හැකි වේ නම්
සිය ඇසින් දුටු දේ
ඉකි ගසා මුමුණාවි මිතුරු වන සියතොන්
යෙහෙළියට වූ දේ

දුගී ලිප ළඟ වේල සරිකර කඩපලකදී අළුයමින්
අඳුරු ළඳු මග ගෙවා අකුරට දිවූ මුව පැටව්
කුරා කුහුඹුවකුටවත් වරදත් නොකල දියණියණේ 
නුඹට සිදු වූ දේ

යහළු පත් බිඳ කුරුළු නෙත් සිඳ දැමූ අසරණ අඩවියේ
රුදුරු නොමිනස් දැලක සිරවී හැඬූ අසරණියේ
අතු පැලේ පණ නලයි සිඳුණේ දිරිය දියණියනේ
නුඹට සිදු වූ දේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.