ජෝඩු දාලා යංjoodu dhaalaa yan

Joodu Dala Yan

Music:
ගජිඳු ෆොන්සේකාgajindu fonseekaa
Lyrics:
ගජිඳු ෆොන්සේකාgajindu fonseekaa

Lyrics

අම්මා මාව බන්ඳවන්න
හරි කලබලේ අනේ බං
මට බඳින්න බෑ දැන්
තාම විසිහතයිනේ බං
හැබැයි.....එයා මට එයා මට
ඔයා මට මනාපනම් බං

(අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බං
ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම්)..//
මඟුල් පෝරු බඳින්නම් දීගෙට නැකත් කියන්නම්
ගමටම කියනවා අද මං ඔයා මගේ නෝනා කියලා බං
අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං

භාරි කරන් මම යනවාමයි නුඹ දෙන්නෑ වෙන කාටත්
කාර බඳින්නට නුඹ එනකන් අද කඩමණ්ඩිය ළඟ මං 
ඔයා මගේ කරේ තියන් මං අපි යමුකෝ හඳේ බං
නුඹට දුන්නු ආලේ මං වෙන කාටත් දෙන්නෑ බං

හැබැයි.....එයා මට එයා මට
ඔයා මට මනාපනම් බං

(අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බං
ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම්)..//
මඟුල් පෝරු බඳින්නම් දීගෙට නැකත් කියන්නම්
ගමටම කියනවා අද මං ඔයා මගේ නෝනා කියලා බං
අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං
ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.