ජෝඩුjoodu

Jodu

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
දුමින්ද අලහෙන්ද්‍රdhumindha alahendhra

Lyrics

සනසා සිහින සරසා 
හිනැහේවී දෑස නළවා
හමනා පුසුඹ දැනුණා
හද මැදුරේ ආලෙ එතුණා

ජෝඩු කරගෙනා - හද බැඳුණේ බාලෙයි සුදූ
රෝග නොකරනා - අමුතු හිතකි නුඹම තැනූ
පාර වැරදිලා - නැත මා සිත ඔබම පැතූ
මුහුද හඬ නගා - කියයි දිනෙක හිතේ තතු

කොඳුරා නෑ මා - හඬ ගා කීවා 
ගැහෙනා සිත මාගේ - ආදරේම පෑවා
රිදවා පාරා - නැත මා ආවා 
දිවියේ හැමදාම - ඔබම තමයි ඕනා

ජෝඩු කරගෙනා....

කූඩු කරගෙනා - වාඩු අරගෙනා
ප්‍රේමණීය උගුලක් නොවෙනා
තෝඩු පළඳනා - මුතු මාලද බඳිනා
කරකාරෙ බැඳන් දිවියම රකිනා 
(ආදරෙයි මා - ඔබමයි මගෙ ප්‍රාණේ)..// 
නොහොඳ නොකොට - හොඳ සෙනෙහසකින් සනසනවා 

ජෝඩු කරගෙනා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.