ජීවිතයේ සුන්දර බවjiiwithayee sundhara bawa

Jiwithaye Sundara Bawa

Lyrics

ජීවිතයේ සුන්දර බව 
ඔබට හැකි ද කියාදෙන්න
ආදරයේ මිහිිරි මතක
ඔබට හැකිද ලියාදෙන්න - ලියා දෙන්න

නිසල රැයක සඳ තරු දොඩනා
රස පෙම් බස් අසා ගන්න
වෙනතක නොරැඳී නිබඳව
මගේ නිවහන වෙතම එන්න
මට පුළුවනි රැය නොනිදා 
ඔබ එනතුරු බලා ඉන්න //

තරුලිය ගොමු නෙක මල් පුබුදයි
ලොවට සුවඳ බෙදා දෙන්න
ගඟ දියවැල් පහළ ඇදී
ලොවට සිසිල සදා ලන්න
ඒ සුවදින් ඒ සිසිලෙන්
මගේ සිත සුවපත් කරන්න

ජීවිතයේ සුන්දර බව ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.