ජීවිතයම මහ පාළු ගෙයක්jiiwithayama maha paalu geyak

Jiwithayama Maha Palu Geyak

Lyrics

ජීවිතයම  මහ පාළු ගෙයක්
කවුදෝ ඇවිදින් කතා කරනවා
දොරගුළු ඇරලා එබී බැලුවෙමි
රෝද මලක් මිදුලේ පිපිලා //

ජීවිතයම  මහ පාළු ගෙයක්
කවුදෝ ඇවිදින් කතා කරනවා
කවුළු පියන් හැර එබී බැලුවෙමි
රෝස මලේ බඹරෙක් වහලා

ජීවිතයම  මහ පාළු ගෙයක්
කවුදෝ ඇවිදින් කතා කරනවා
දොරගුළු ඇරලා එබී බැලුවෙමි
රෝස මලේ පෙති බිම හැලිලා //

ජීවිතයම  මහ පාළු ගෙයක්
කවුදෝ ඇවිදින් කතා කරනවා
කුමක් බලන්නද වෙන මල් ඉත්තක 
රෝස මලක් තව ඇති පිපිලා //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.