ජිවිතය දැනෙයිjiwithaya dhaeneyi

Jiwithaya Danei

Lyrics

මේ ජිවිතය දැනෙයි ගී පද ලියවෙයි
සඳ රැල්ල පවා අමුතුයි
ඔබෙ සුවඳ සුසුම් හිත උමතු කරන්
පවනැල්ල පුරා මුසුවෙයි
ඔබ ලඟ මං අතර මං වෙලා
ඒ ආදරයද නොහැඟෙයි..... 

සීතල ඇවිදින් හන්කිති කැවුවා
කාටද ඉඟි බිඟි කරලා
නාදුනන හැඟුම් මැද හිත රැදුනා
ජිවිතේ සතුට තවරා
රෑ හඳට වෙලා මහද සළලා
ආ විලස එයින් බැහැලා
මා ළඟට වෙලා ඔබ තරු අමුණා
මා ගෙලෙ බැඳි නොසලා

ජිවිතය දැනෙයි.......

ආදර තෙපුලෙන් හිත වසඟ කරා
ජිවිතයම එහි සඟවා
ඒ සොඳුරු තෙපුල් තුල සැරි සැරුවා
මං ඉමක් කොනක් නොසොයා
මා මුවඟ පුරා සිනහව තවරා
සන්තෝසය හිත පුරවා
රෑ සිහින ඔබ සැරි සරුවා
ජිවිතෙ මිහිර හඟවා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.