ජීවිත පවසට දිය දෝරකි ඔබjiiwitha pawasata dhiya dhooraki oba

Jiwitha Pawasata Diya Doraki Oba

Lyrics

ජීවිත පවසට දිය දෝරකි ඔබ
සිසිලකි මට ගිම් නිවනා 
මල් රොන් සුන් පිරි නන්දන උයනකි
සුවඳින් දිවිමග පිරෙනා //

විරසක වී නැති ලතැවුල් හමුවේ
දිවි ගමනේ බර උසුලා //
සනහාසියෝ ළඟ සතපන යහනකි
සාගරයකි ස්නේහය ගලනා

ජීවිත පවසට ....

හිතවතියකි සොහොයුරකි බිරිඳකි
පෙම්වතියකි මන නගනා //
කවදා කෙලෙසක බැඳුනිද නොදනිමි
ආදරයකි තේරුම් නොදෙනා

ජීවිත පවසට .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.