ජීවන ගංඟා ඉවුරේjiiwana ganngaa iwuree

Jiwana Ganga Iwure

Lyrics

ජීවන ගංඟා ඉවුරේ අපි ඇවිද යමු ප්‍රියේ
පායන හිරුට හාදු දී මල් පිපී තියේ

නිම්නෙහී සෞම්‍ය වී ගතෙහි සිතෙහි සුව සෑදී
සුවදින් පිරී සිසිලෙන් සැදී සංතානේ සන්තෝෂේ මෝදු වේ
රුවැති ගුණැති දූ පුතුන් ඒ කුසුම් වගේ
පැහැද සුවඳ විහිදුවා ලෝ තුලින් නැගේ

අනාගතේ ඔවුන් අතේ තබමු සතුට දෙයි සිතේ
දුකින් මිදී සැපෙන් සැදී සැනසීම සතුට ලෝ හිමී
ඉන්පස්සෙ යළි නොඑන ගමනෙදී නිම්නේ බලා ඔහේ
අවසාන ගමනේදී යමු අපි ගංගා තිරේ ඔහේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.