Lyrics
ජේසුනි ඔබ මා ළඟින් ඉන්නවා
මට දැනෙනවා//
ඔබගෙන් කොහේදෝ ඈතට යන්නේ
ඔබගෙන් කොහේදෝ මා සැඟවෙන්නේ...//
මම ස්වර්ගෙට නැගී ගියත් ඔබ එහි ඉන්නේ
පොළොවේ කෙලවරදිත් ඔබ හමුවන්නේ
දෙවිඳුනි මා සිත ඔබ තුමා විමසන්නේ
ඔබගෙන් සැඟවූ සිතුවිලි මට නැත්තේ
ඔබගෙන් කොහේදෝ ඈතට යන්නේ
ඔබගෙන් කොහේදෝ මා සැඟවෙන්නේ...//
මව් කුසයේ තැනෙන විටත් ඔබ මා දන්නේ
රහසින් වැඩෙන විට මා හඳුනන්නේ
ඔබගේ නෙත් මා ගත වෙත යොමු වෙන්නේ
බිහි වෙන්නට පෙර සැලසුම ඔබ දන්නේ
ඔබගෙන් කොහේදෝ ඈතට යන්නේ
ඔබගෙන් කොහේදෝ මා සැඟවෙන්නේ...//
ජේසුනි ඔබ...