ජිවිතේ සිහිනෙකින් හැඩ කෙරූjiwithee sihinekin haeda keruu

Jeewithe Sihinekin Hada Keru

Lyrics

ජිවිතේ සිහිනෙකින්  හැඩ කෙරූ ඔබ තරම්
වෙන කෙනෙක් නෑ තවත් මේ හිතේ රත්තරන්
පුද කෙරූ ආදරේ ඔය හිතෙන් නොම අරන්
ඔබ ගියත් ආදරෙයි තාම මං මේ තරම්
ආදරෙයි තාම මං ....

රෝස මල් හිනාවේ මතක මා සුරකිමි
දෑස ළං උනාවේ තාම ඒ පෙර වැනී
මා දිහා නොබලනා ඔබ දිහා හැරි හැරී
බල බලා මා මැවූ ලෝකේ නෑ හැබෑ වී

අමාවක රැයක් සේ හිත හඩයි පාලු වී
බලා ඉමි හෙටත් මා ඔබ පතා සඳවතී
හිමි නැතත් තව හිතෙයි ඔයාවම මතක් වී
දුර උනත් නිම් නොවේ ආදරේ හිත පිරී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.