ජීවිතේ මගේ ඔයා කියාලාjiiwithee magee oyaa kiyaalaa

Jeewithe Mage Oya Kiyala

Lyrics

ජීවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ 
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා 

නීල දෑසෙ කෝල බැළුම් පා සිනා සලා 
යොවුන් කුමරි එවන් බසට නොවන් මංමුලා 
ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන් 
ජීවිතේක මිහිර ඉසුර ඔබට ළං කරන් 
බාල කාලේ ආයෙ එන්නේ නෑ
වැරදුන තැන යළි හදන්න බෑ

ජීවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ 
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

මිහිරි මී වගේ දැනේවී යොවුන් ආදරේ
යොවුන් සිතට සතුට ගෙනෙයි එවන් ආදරේ
ආදරේක මිහිර ඔබේ හදට ළං කරන් 
හිනාවෙන්න කුමරියෙ සිප්සතර ලං කරන්
බාල කාලේ ආයෙ එන්නේ නෑ
වැරදුන තැන යළි හදන්න බෑ

ජීවිතේ මගේ ඔයා කියාලා
සිඟාවී ඔබේ ආදරේ 
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා //
කියා ලියා ඔබව පතාලා
කියා ලියා ඔබව පතාලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.