ජීවිතේ චාරිකාjiiwithee chaarikaa

Jeewithe Chaarika

Music:
ප්‍රදීප් රංගනpradhiip rangana
Lyrics:
ප්‍රදීප් රංගනpradhiip rangana

Lyrics

හමුවීමක් ඇති දා
මේ මා කෙරේ
ආදර සිත ඇදුනා

වෙන්වීමක් නැති දා
මේ මා කෙරෙන්
ආදර සිත බැදුනා

වේදනා මැද්දේ
ආදරේ අස්සේ
අපගේ කතාවන් ලියවේවී දෝ

රාගී සිනාවන්
පෙම්බර කතාවන්
මට නූහුරු තාලෙ
පවසාවිදෝ

සීත මීදුම් වැදී
ආදරෙන් මත් වෙවී
මා දෑසේ ආලෝකේ පාවී ගියා

සීත මීදුම් වැදී
ආදරෙන් මත් වෙවී
මා දෑසේ ආලෝකේ පාවී ගියා

ජීවිතේ චාරිකා
මේ වගේ වේවි නම්
මං ගාව ලංවෙමුද
ශ්රුංගාරියේ

රැගු සේයා මැදින්
හැංගූ ඒ ආදරේ
කවිකාර මේ දෑස කොදුරා ගියා

රැගු සේයා මැදින්
හැංගූ ඒ ආදරේ
කවිකාර මේ දෑස කොදුරා ගියා

ජීවිතේ චාරිකා
මේ වගේ වේවි නම්
මං ගාව ලංවෙමුද
ශ්රුංගාරියේ

වේදනා මැද්දේ
ආදරේ අස්සේ
අපගේ කතාවන් ලියවේවී දෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.