ජීවිතයේ තනි මංසලjiiwithayee thani mansala

Jeewithaye Thani Mansala

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha

Lyrics

චිත්‍රපටය: ආරාධනා (1981)

ආරාධනා...ආරාධනා...

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා...ආරාධනා...

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ - කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා...ආරාධනා...

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුසුමේ - යළිඳු උපන්නෙම්
බිඳුනු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා...ආරාධනා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.