ජීවිතය ඔබෙන් දැනjiiwithaya oben dhaena

Jeewithaya Oben Dana

Lyrics

ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිඹ
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි දයාදර

කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මෙහි මට නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක

ජීවිතය ඔබෙන් ..

සාගරය තුරුල්ලේ යාවි ගං දිය
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයක උපන් කවියක් කැට තලයක
ලියා තබමි නුඹ නමින් සදාතන..

ජීවිතය ඔබෙන් ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.