ජීවිතේjiiwithee

Jeevithe

Music:
තිලිණ රුහුණගේthilina ruhunagee
Lyrics:
චානක ජයසේකරchaanaka jayaseekara

Lyrics

සෙනෙහෙන් ලොව දිනූ සතුටින්ම 
මනු දම් වැඩූ ජේසුනේ මගේ ජීවිතේ 
හදෙහි රිද්මයේ ලං ස්වරය වී ලෝ තලේ
සැමදා සමිඳේ ඔබ ලොවේ සැමදා 
සමිඳේ ලොව ඔබෙයි......

බෙත්ලෙහෙමේ සුවය දුන් ඒ නත්තලේ
මිතුදහමක රඳවාගෙන එනවා 
යුග ගණනක් රැව් දෙයි ඒ පණිවිඩේ
හිත යායක මුසුවීගෙන එනවා 
පායා නැගීලා හිරු සේ දිලෙනා 
(තුරුලේ රැඳෙනා නෙතු මානයේ......//)

සිසිලස මැද ගී ගැයේ මේ ගින්නේ
දෙවි විමනක රඳවා ගෙන එනවා
දුක් ගිනි ළඟ සැනසුමයි මේ ජීවිතේ
කිතු වදනක මුසුවී ගෙන එනවා
ඔබ හා රැඳිලා සඳ සේම නිතිනා
(සිතෙහි රැඳිලා දෙව් මංසලේ......//)

සෙනෙහෙන්........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.